වතුර ඉල්ලුවාම වෙඩි උණ්ඩ දීලා


හමුදාවට පහරදීම ගැන කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආයුද සැපයු  කුමාරන් පද්මනාදන්  රජතුරුලේ ආරක්ෂාකාරීව  තබාගෙන යුද ජයග්‍රහණය වෙනුවෙනුවෙන් රණවිරුවන්ට සෙත් පතා බෝධි පුජා පැවැත් වු අකිල දිනේෂ් ජයවර්ධන  හමුදා වෙඩි පහරින් මරුමුවට පත් කළ ඒකාධිපති රෙජිමය පන්නා දැමිය යුතු යැයි  එක්සත්ජාතික පක්ෂයේ  නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවසීය.

‘වැලිවේරිය රතුපස්වල ජනතාව බීමට  පිරිසිදු වතුර පොදක් ඉල්ලද්දී  රජය ජනයාට වතුර වෙනුවට වෙඩි උණ්ඩ දුන්නා‘‘

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය ජනයා කොට් ත්‍රස්ත්‍රවාදීන්ටත් වඩා අන්ත ලෙස  සලකා  හමුදාව යොදාගෙන  එල්ල කළ අමානුෂික මැර ප්‍රහාරයට  එරෙහිව  සියළු දෙනාම  එකට එක්වීය යුතුය. බඩු මිල වැඩි කිරිමට සහ නීතිය කැඩිමට තවදුරටත් ඉඩ නොතබන බවට රාජපක්ෂ රෙජිමයට අනතුරු ඇගවීම සදහා  මේ පළාත් සභා මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයට ඡන්දය  දෙන්නැයිද ඉල්ලා සිටියේය.