
(අංජුල මහික වීරරත්න)
දුෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ සාදන ලද 2026 දූෂණ විරෝධී ( මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා සිදු කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2026 දූෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා සිදු කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග සහ දූෂණ විරෝධී (වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අධි අවදානම් කාණ්ඩ) නියෝග ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, පිළිවෙලින් අංක 2482/03 හා 2482/04 දරන 2026-03-30 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

