වටරැක හිමි හු හඬ මැද්දේ යයි


මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ජාතික බළ සේනාවේ  නායක හා මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි විය.

පොලිස් ආරක්ෂාව මැද ප්‍රාදේශිය සභාවට පස්සා දොරෙන් දිවු විජිත හිමි පැයකට පමණ පසුව  විරෝධතාකරුවන්ගේ හු හඬ මැද්දේ පොලිසිය මැදි කැරගෙන ආපසු ගියේය.අද ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.

මහියංගන ප්‍රදේශයේ සංඝරත්නය හා පිරිස් මේ විරෝධතාව සංවිධානය කළ බව පෙනිණි.