ලෝක කැරම් ශූර නිශාන්තට රැකියා පත්වීම ජනපතිගෙන්


ශී‍්‍ර ලංකාවේදී පැවැති කැරම් ලෝක ශූරතාවලියේදී කේවල ශූරතාව දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු ඊයේ (14 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. එහිදී ලෝක ශූරතාව දිනාගැනීම සම්බන්ධයෙන් නිශාන්තට තම සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියාවට අදාළ පත්වීමේ ලිපියද නිශාන්තට පිරිනැමීය. කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, කැරම් සම්මේලනයේ සභාපති  ලැන්ග්ලි මතායෙස්, ලේකම් රෝහිණී මතායෙස් යන මහත්ම මහත්මීහුද නිශාන්ත ප‍්‍රනාන්දුගේ පවුලේ ඥාතීහුද මෙම අවස්ථාවට එක්වූහ. ඡායාරූපය : සුදත් සිල්වා