ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට
ජපානයේ චිබා නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මිශ‍්‍ර කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයේ තරග දෙකම පරාජය වු ශ්‍රී ලංකා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවැති තරගයෙන් එංගලන්තය තරග 4/1 ක පහසු ජයක් ලබා ගැනීමට සමත්විය.
සචින් ඩයස්, මෙම තරගයේ එකම ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා විය. සචින් පිරිමි කේවළ ඉසව්වේදී එංගලන්ත ක‍්‍රීඩක ඇලෙක්ස් ලේන්, 22/20 ක් සහ 21/17 ක් ලෙස පරාජය කිරීමට සමත්විය.
ජාතික බැඞ්මින්ටන් ශූරී තිළිණි ප‍්‍රමෝදිකා, කාන්තා කේවළ ඉසව්වේදී චිලොයි බර්ච් (21/14, 22/20) හමුවේ පරාජය වුවාය. එංගලන්ත ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 633 වැනි ස්ථානයේ පසුවෙයි. පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව්වලදී ද ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයයි.
තරගාවලියේ පළමු දිනය වු ඊයේ (25) ප‍්‍රබල චීනය හමුවේ ශ්‍රී ලංකා පිල තරග 5/0 ක අන්ත පරාජයක් ලැබීය. රටවල් 30 කින් කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවිය.

