( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු අමාත්‍යවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (6) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ අමාත්‍ය රවී කරුණානායක ,මුදල් හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

