( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක ගැසට් නිවේදනයක් මඟින් අද (18) නැවත මුදල් අමාත්‍යාංශයට පවරා ඇත.
හිටපු ඇමැති රවී කරුණානායක මහතාගේ අමාත්‍යාංශය වෙනස් වීමත් සමඟ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති මෙම විෂයන් ඉකුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විදේශ අමාත්‍යාංශයට පවරා ගැණුනි.
කෙසේ නමුත් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පෙර පැවති පරිදීම නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කැරිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය විෂය පැවරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ද ගොනු කර තිබිණි.

