ලේකම්ගේ දුරකතනයත් පැහැරගනී
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් ඒ මහතාගේ ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පහරදීමෙන් ඒ මහතාගේ මුහුණු ප්‍රදේශයට හා දකුණු අතේ ඇගිලිවලටද තුවාල සිදුවී ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාෂය හා ගල්කිස්ස පොලීසිය විමර්ශන සිදුකරගෙන යන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

