ලේ විස වී දැරියක මරුට
මෙනින්ජකොකල් නමැති බැක්ටීරියාවක් ආසාදනය වී ලේ විෂවීමේ සෙප්ටසීමියා තත්ත්වයට ගොදුරුවී කරාපිටිය රෝහලේදී සිව් හැවිරිදි දැරියක මියගියාය. මියයාමෙන් පසු රෝහල් දැරිය ප්‍රතිකාර ලබමින් සිටි ඒකකයේ සේවක සේවිකාවන්ට, දැරිය බැලීමට පැමිණි ඥාති හිතවතුන්ට හා ළදරු පාසලේ දරුවන්ට රෝගය පැතිරීම වැළැක්වීමේ මූළික ප්‍රතිකාර ලබා දී ඇත.
වමනය සමඟ උණ ඇතවීම හේතුවෙන් මෙම දැරිය ඊයේ සවස රෝහල් ගත කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේදී මෙම මරණය සිදුව තිබේ. දැරියගේ මරණයට හේතුවූවායැයි සිතන මෙනින්ජකොකල් බැක්ටීරියාව ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන බැවින් එය වසංගතයක් සේ පැතිරීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
අක්මීමණ යක්ගහ පදිංචිව සිටි මෙම දැරියගේ දේහය මාපියන්ට භාරදුන්න ද අවසන් කටයුතු සිදුවනතෙක් මුද්‍රා තැබීමටත් පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුකිරීමටත් සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නේය.
වසංගත රෝග ඒකකයේ ප්‍රධානී පබා පලිහවඩන මහත්මිය පවසන්නේ දැරියගේ සිරුරේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කොළඹට එවා ඇති බවයි. මරණයට හේතුව මෙනින්ජකොකල් බැක්ටීරියාව යැයි සැකකරන බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර ගත් බවත් අදාල වාර්තා ලැබුණු පසු ස්ථිර නිගමනයකට එළඹිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
උණ, හිසරදය, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇත්නම් ගොඩ වෙදකම් නොකර සුදුසුකම් ලත් වෛද්‍ය වරයයකුගේ ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

