ලෙබනනයේ ශ්‍රමිකයන් 5000කට නීත්‍යනුකූල ලියැවිලි


තිලිණි ද සිල්වා

ලෙබනනයේ අනවසරයෙන් විවිධ රැකියාවන් කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීමට ලෙබනන රජය අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
 
එලෙස රැකියා වීසා බලපත්‍රය ඇතුළු නීත්‍යානූකූල ලියකිවිලි නොමැතිව සිටි  ලාංකික ශ්‍රමිකයින් පිරිසට එරට රජයේ ලියාපදිංචිය සහිතව රැකියාවේ නිරතවීමට අවසරය ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ලෙබනන අගමැති සාද් හරීරි මහතා හමුවී ස්තුතිය පළ කළ බව ද අමාත්‍යංශය පවසයි.