ලෙඩ සනීප කරන හැටි මර්වින් කියයි


‘දොස්තර මහත්තයා වයසට ගියත්, විශ්‍රාම ගියත් එතුමාගේ නළාව වැඩ කරනවා. ඒ මහත්තයා අතින් ඇල්ලුවාම නාඩි පිළිබඳ දන්නවා. බෙහෙත් දුන්නාම ලෙඩේ සනීප වුණා. ඒ ලෙඩ්ඩු වැල නොකැඩී දොස්තර මහත්තයා හමුවෙන්න එනවා. මේ මර්වින් සිල්වාත් ඒවගේ දොස්තර කෙනෙක්‘ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු  ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ දී පැවසීය.

‘කැලණිය සභාව කරන වැරදි මට වාර්තා කරන්න කියල මා සමග ඉන්න මන්ත්‍රීවරුන් පස් දෙනාට මම කියා තිබෙනවා. දූෂණ, වැරදි වාර්තා කරන්න ඒවා සොයා බලා අවශ්‍ය කටයුතු අනුව මා ක්‍රියා කරනවා. සත්‍ය කවදා හෝ එළි දකිනවා.‘