ලෙඩ වූ යානයක් කටුනායකට බසියි
දකුණු අප්‍රිකාවේ සිට සිංගප්පූරුවට යන ගුවන්යානයක් උඩුගුවනේදී ඇතිවූ කාර්මික දෝශයක් නිසා කටුනායකට ගොඩබෑමට අවශ්‍ය බව දැන්වූ පසු ඒ සඳහා සියලු කටයුතු සූදානම් කළ බවත්, හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගිලන් රිය ඇතුළු සියලු කළමනා සූදානම් කළ බවත් ගුවන් තොටුපළ බලධරයෝ කියති.
එන්ජින් දෙකක් සහිත ප්‍රභූන් භාවිතා කරන කුඩා ගුවන්යානයන් වන මෙහි එක් එන්ජිමක දෝශයක් ඇති බවට ලැබුණු සංඥා හේතුවෙන් ගොඩබැස්සවීමට සිදුවූ බවත්, පස්වරු 7.45ට පමණ නිරුපද්‍රිතව ගොඩ බැස්සවූ බවත්, ඒ වන විට යානයේ නියමුවා ඇතුළු හත් දෙනෙකු සිටි බවත් ගුවන්තොටුපළ ආරංචි පවසයි.

