ලූනාව නළා අදත් බිම


මොරටුව ලූනාව රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට පහරදුන් බව කියන හෙදිය සම්බන්ධව විනය පරීක්‍ෂණය විධිමත්ව සිදුවී නැතැයි රෝහල් වෛද්‍යවරු අද සංකේත වර්ජනයක් කළහ. හෙදිය හා ඇගේ සැමියා වෛද්‍ය නිල නිවසට පැමිණ පහරදුන් බවත් විනය පරීක්‍ෂණ පක්‍ෂග‍්‍රාහීව සිදුවී ඇති බවත් ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි දොස්තර ඩබ්ලිව්.පී. චන්ද්‍රපාල කියයි.