ලුම්බිණියට සන්නද්ධ ආරක්ෂාව


බුද්ධගයා මහාවිහාර  පරිශ්‍රයට එල්ලවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ලුම්බිණි පුදබිමට අතිරේක රැකවල් යෙදීමට නේපාල රජය පියවර ගෙන ඇතිබවට වාර්තා වෙයි. 

සිදුහත් බෝසතානන් උත්පත්තියලද ලුම්බිණිය දිනපතා ලෝකවාසී බෞද්ධසැදැහැවතුන් දහස් ගණනින් වැඳ පුදා ගන්නා උත්තම පුණ්‍ය භූමියකි. කලින් මෙම පුජස්ථානයට යන එන අය ආරක්ෂක අංශ මඟින් පරීක්ෂාවට ළක්කෙරුනේ නැත. එසේවුවද දැනට එම තත්වයේ සුළු වෙනසක් සිදුකිරීමට සිදුවේ ඇතිබව ලුම්බිණී  බළධාරීන් පවසති.

ලුම්බිණි සංවර්ධන පදනම විසින් බුද්ධගයාවේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධව සවිස්තර තොරතුරු ලබාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුව මතුයම් දවසක එවන් අවදානමක් ලුම්බිණි පුදබිමටද ඇතිවීමට ඉඩ ඇතිබවට නිගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලදබව ප්‍රකාශ කර ඇත. මෙම ආරක්ෂා වැඩපිළිවෙල දින නියමයක් නොමැතිව කෙඉයාත්මක කෙරෙන බවත් මින් ඉදිරියට ලුම්බිණී පුඋදබිමට ඇතුල්වන සියලුම දෙනා සහ ඔවුන් රැගෙන එන බඩු බාහිරාදිය දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවද ලුම්බිණී සංවර්ධන පදනම නිකුත්කර ඇති නිවේදනයෙහි දැක්වෙයි.

බෞද්ධයන් විසින් දැක බලා වඳ පුදා ගතයුතු වැදගත්ම ස්ථානයක් ලෙස බුදුන්වහන්සේ පවා දෙසා වදාළ ලුම්බිණිය ලෝක උරුම භූමියක් ලෙසින් යුනෙස්කෝව ප්‍රකාශයට පත්කර ඇත.

සන්නාහ සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දිවා රාත්‍රියේ ලුම්බිණී පුදබිම රැකවල් ලාම සඳහා දැනට යොදවා ඇත.

නේපාල දේශයට අයත් කපිලවස්තු සහ වෙනත් බෞද්ධ සිද්ධස්ථාන සියල්ල සඳහාද මෙවැනිම උපරිම ආරක්ෂා වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක බව නේපාල රජය පවසයි.

වන්දනා කරුවන්ගේ මෙන්ම මෙම ඇති උත්තම පුදබිම් වල අරාක්ෂාව සඳහා විශේෂ ආරක්ෂා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවත් ලුම්බිණී පුජා භුමිය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහවතුන්හට ඒ මඟින් කිසිදු අනවශ්‍ය අවහිරතාවයකට මුහුණපෑමට සිදුනොවන බවද නේපාල රජය අවධාරණය කර සිටී.