අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.
බෙල්ල තුවාල වී රෝහල් ගත වී සිටින මාධ්‍යවේදියකු පැවසුවේ ධර්ගා නගරයේ කාණුවක දිගාවී නොසිටියේ නම් අද තමා ජීවතුන් අතර නැති බවයි. ඔහුගේ කැමරාව ද උදුරාගෙන ඇත.
තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ කැමරා උදුරාගෙන හෝ පොළොවේ ගසා කඩා දමා ඇත.
පසුගිය 15 වැනි දා ධර්ගානගරයේ දී ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගසා කඩා එහි කැබැල්ලක් ඔහුට දී තිබේ.
එම කැමරාව රුපියල් ලක්ෂයක් පමණ වටිනා බවත්, කැමරාව අහිමි වීමෙන් තම වෘත්තියට දැඩි බලපෑමක් එල්ල වූ බවත් අද පැමිණිලි කළේය.
අල් ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදීන් ගමන් කළ රියකට ද ධර්ගා නගරයේ දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල විය.

