අතුරුදන් වූ එම්.එච්. 370 මැලේසියා ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූවා යැයි සැලකූ ධ්වනි සංඥා හතර එම කළු පෙට්ටියන් නිකුත් වූ ඒවා නොවේ යැයි ඇමරිකානු නාවික හමුදාවේ සාගර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් ඩීන් පවසා ඇත.
මෙම සංඥා වලට හේතුව මිනිසා විසින් නිපදවූ වෙනත් උපකරණයක් බව ඩීන් පවසයි. විදෙස් මාධ්‍යයට ඔහු ප්‍රකාශ කර ඇත්තේ නෞකාවක් හෝ යානය සෙවීමට යෙදවූ වෙනත් උපකරණයක් මගින් මේ සංඥා නිකුත් වන්නට ඇති බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ මෙම ධ්වනි සංඥා අතුරුදන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වුවා නම් මෙම යානය සෙවිමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එය සොයා ගැනීමට හැකියාව තිබූ බවත් එම සිද්ධාන්තය අනෙක් රටවලටද ස්ථිර කිරීමට හැකිව තිබූ බවත්ය. මෙම අතුරුදන් යානය සෙවීමේ කටයුතු වල යෙදී සිටි ඕස්ට්‍රේලියානු බලධාරින් මෙම සංඥා විශ්ලේෂණයෙන් පසු එහි සෙවිමේ කටයුතු පටු තීරයකට එනම් ඔස්ට්‍රේලියාවේ වයඹ දෙසට කිලෝ මීටර 1600 කට සීමා කළේය.
ඇමෙරිකාවේ මේ නව අදහස සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරින් අදහස් ප්‍රකාශ කර නැත.






