ලැජ්ජාව ලිංගික රෝගීන් අමාරුවේ දමයි
ශ්‍රී ලංකාවේ වසරකදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගීන් 60,000 ත් 200,000 ත් අතර අළුතෙන් එකතුවන බව ජාතික ලිංගිකාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ ලංගිකාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා කියයි. නමුත් ප්‍රතිකාර ලබාගැනීමට සායන සඳහා පැමිණෙන්නේ වාර්ෂිකව 10,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් බව ද ඒ මහතා පවසයි. ලැජ්ජාවත්, සමාජයේ කොන් කිරීමත්, නොදැනුවත් කමත් තමන්ට වැළඳ ඇති රෝගය ගැන නොදන්නා කමත් මෙයට ප්‍රතිකාර නොගැනීමට හේතුවී තිබේ. එච්.අයි.වී. වෛරසය ගැබිණි මවකගෙන් දරුවාට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර ඇති බැවින් ගැබිණි මව්වරු ඒඩ්ස් රෝගය සඳහා රුධිර පරීක්ෂණය කැර ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසයි. එම ව්‍යාපෘතියේ වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. වෛරසය වැඩිපුරම ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ පිරිමි - පිරිමි ලිංගිග සම්බන්ධතා මගින් බවයි.

