ලාංකිකයා ෆේස්බුක් සොමියේ


සහකාරිය (32) සමග ඉතාලියේ රෝම අගනුවර දූවෙපොන්ත මාවතේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු (25) ෆේස් බුක් සමාජ ශාලා වෙබ් අඩවියෙන් තරුණියක සමග කතා බහ කරද්දී සහකාරිය සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව ඇයට පුටුවකින් ගසා බරපතල තුවාල සිදු කළැයි එම තරුණයා ටෙම්බදිනේරි පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඇගේ හක්ක හා හිසට තුවාල සිදුවී ඇති අතර ශාන්ත පෙරික් මේරි රෝහලට ඇතුලත් කළ ඇයට සැත්කමක් ද කර ඇත. මාසයක් පමණ ඇයට රෝහලේ සිටීමට සිදු වෙයි.