ලාංකිකයා ලක්ෂ 430ක් අරන් පනී
ඉතාලියේ බ්‍රේසියා නුවර ගණකාධිකාරීවරයකු ළඟ සේවය කළ ශ්‍රී ලාංකිකයකු යුරෝ ලක්‍ෂ දෙක හමාරක් හෙවත් රුපියල් ලක්ෂ 430 ක් සොරාගෙන ශ්‍රී ලංකාවට පැන ඇතැයි ඉතාලි පොලිසියට පැමිණිලි කැර ඇත.
ඉතාලිය පුරා කාර්යාල දහයක් පවත්වාගෙන යන මේ ධනවත් ගණකාධිවරයා වන අන්තෝනියෝ රෝස් එසැණට පැවැසුවේ මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටෙනු ඇති බවයි.
හතර දෙනකු සමග එක්වී ඇරඹූ ව්‍යාපාරයට මේ සොරකමත් සමග ලොකු අභියෝගයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. මේ සිද්ධියත් සමග ඔහු ගේ කාර්යාලවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් ද සේවයෙන් ඉවත් කරනු ලැබූහ. ගෙදර පිරිසුදු කිරීමට ආ මේ ශ්‍රී ලාංකිකයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ යන බොරු නමකින් පෙනී සිටි බවද ගණකාධිකාරී පොලිසියට කියා ඇත.
හරින්ද්‍ර බන්දුල ලොකුගේ යනුවෙන් ඔහුට තවත් නමක් ඇතැයි ඉතාලි පොලිසිය පවසයි. වසරකට පෙර නාත්තන්ඩියෙන් ඔහු ඉතාලියට ගොස් ඇත්තේ වෙන කෙනකුගේ නමින් බවත් වසරක් පමණ එහි අනවසරයෙන් රැඳී සිටි බවත් ඉතාලි ආරංචි සඳහන් කරයි.

