ලාංකිකයා කරාතේ කළු පටියෙන් රන් දිනයි


ඉතාලියේ තෙවිසෝ පොන්සානෝ නුවර පැවැති කුමිතේ කටාතේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට ඉතාලියේ වෙසෙන වෙන්නප්පුවේ කරාතේ ක්‍රීඩක සඳුන් ලක්සිරි සමත් විය. ඉතාලි ජාතික ක්‍රීඩකයන් 900ක් පමණ පරදවා වයස අවුරුදු 22-35 කළුපටි කිලෝ ග්‍රෑම් 70 අඩු බර පන්තියේ කේවල ඉසව්වෙන් ඔහු ජය ගත්තේය. ඔහු ඉතාලියේ කරාතේ ජාත්‍යන්තර පුහුණුකරුවෙකි.