ලාංකික දෙන්නා නිව්යොර්ක් පොලීසියට කොටුවෙති
නිව්යෝර්ක් නගරයේදී හොර ටේලර් කාඩ් භාවිතා කරමින් බැංකුවකින් මුදල් ගැනීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කැනඩාවේ ඔන්ටාරියෝ නගරයේ පදිංචි සිවරූබම් ඥානපණ්ඩිතම් (28) සහ රාගවන් පත්මේසන් (24) නමැති මේ දෙදෙනා සතුව බැංකු ටෙලර් කාර්ඩ් 257 ක් හා ඇමෙරිකන් ඩොලර් 55,689 ක් (රුපියල් 7,350,948.00) සහ හෝටල් කිහිපයක යතුරු ද පොලිස් භාරයට ගෙන ඇත.

