ඉතාලියෙන් සොරකම් කරන භාණ්ඩ කන්ටෙනර් මගින් ශ්‍රී ලංකාවට එවන්නට තැත් කළැයි හලාවත හා දංකොටුවේ පදිංචිකරුවන් දෙදෙනකු නාපෝලියේදී අත්අඩංගුවට ගත් ඉතාලි පොලීසිය කන්ටේනරයකින් හොර යතුරු පැදි 20 ක්ද සොයා ගත්තේය.
පසුගිය වසරේ නාපෝලියේදී මොටර් සයිකල් 400 ක් පමණ සොරාගෙන තිබිණි.
ඉතාලි පොලීසියට සොරුන් අල්ලාගත නොහැකි විය.
ඉතාලියේ තවත් නගර වලින් ශ්‍රී ලංකාවට යවන කන්ටේනර්ද පරික්ෂාවට ලක් කිරීමට ඉතාලිය සැරැසේ.