ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්


(තරිඳු ජයවර්ධන)

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.