ලබන වසරේ මුල් මාස 4 ට අතුරු සම්මත ගිණුමක්


(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය අද (01) ලැබී ඇත.

ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබිණි.

ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබිණි.

අයවැය වෙනුවට ලබන මුල් මාස  හතරේ වියදම් පියවා ගැනීම සඳහා  මෙම අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.