ලන්ඩන් කොටි සමරු දියාරු වෙයි
කොටි හිතවාදීන් නොවැම්බර් 27 වැනි දාට ලන්ඩන් නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ විරෝධතා නිසා නතර කිරීමට සිදුවිය.
මෙම වැඩසටහන් පිළිබඳව මුද්‍රණය කළ පත්‍රිකා ලන්ඩනය පුරා ශ්‍රී ලාංකික වෙළඳසල සහ කෝවිල් ආදී තැන්වලද බෙදා හැර තිබිණි.
එම වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන් කැරැ ගත් ශාලා හිමියන්ට ශ්‍රි ලාංකිකයෝ විරෝධය පළ කළහ.
සාමාජියික සහ සංස්කෘතික වැඩසටහනක මුවාවෙන් මේ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කළ ව්‍යසනයන් වීරත්වයට නඟා පෙන්වීමක් බව එම ශාලා හිමියන් මුණගැසී මෙන්ද ලිපි මගින්ද කරුණු දැක්වීම නිසා ඊට ඉඩ නොලැබිණි.

