ලන්ඩන් නුවර දෙවන වතාවට පැවැත්වෙන එල්ලේ සැණකෙළිය ඉරිදා දහවල් ලිට්ල් හාර්ලින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව අතුල දස්සන බෞද්ධ ප්‍රජා මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා තරුණකැළ කියයි.
ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙනයාමේ මුලික අරමුණින් සංවිධානය කර ඇති මෙම සැණකෙළිය මඟින් ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එකමුතුවී විනෝදයෙන් , සතුටින් හා සමඟියෙන් ගතකිරීමට අවස්ථාව ලැබෙන බව ඔවුහු කියති.
එදින එල්ලේ තරඟ වලට අමතරව ශ්‍රී ලාංකික වෙළඳසල්, භෝජනාගාර සහ දරු දැරියනට විනෝදවීම සඳහා අවශ්‍ය පහසුකම් ද සුදානම් කර ඇතැයි ද සංවිධායකයෝ පවසති.
පසුගිය වසරේ පැවැත්වුන ප්‍රථම ලන්ඩන් එල්ලේ තරඟය සංවිධානය කිරීමේදී බෞද්ධ විහාරස්ථානයකින් මෙවැනි ක්‍රීඩා සැණකෙළියක් සංවිධානය කිරීම සඳහා ඇති අවශ්‍යතාවය කුමක්දැයි බොහෝදෙනෙකු විමසා සිටි බව පවසන අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියෝ, එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්හට අපේකම අපගේ සංස්කෘතිය, අපගේ ජන ක්‍රීඩා සහ සිරිත්විරිත් සිහිපත් කර දීම මෙම උත්සාහයේ පරමාර්ථය බව පවසති.