මෙයට වසර 24කට පෙර 1987/ 89 අරගලයේදි මිය ගිය අය සැමරීම වස් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ඉල් විරු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලංකාව තුල මෙන්ම ඊට සමගාමීව විදේශ රටවලද සංවිධානය කර තිබුණි. එක්සත් රාජධානියේ ඉල් මහ සමරු වැඩ සටහන පසුගිය 17 වෙනි ඉරුදින සවස ලන්ඩනයේ වෙම්බ්ලි චක්හිල් සමාජ ශාලාවේදි එම පක්ෂ සමාඡික පිරිස් හා හිතවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.