(රංජන් කස්තුරි)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ආහාර එතුම් කොළ (ලන්ච් ෂීට්) නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දී තිබේ.
ඒ අනුව ආහාර එතුම් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල,නිෂ්පාදකයාගේ නම ලිපිනය,නිෂ්පාදිත දිනය හා ආයු කාලය ,භාවිතා කරන ලද ද්‍රව්‍ය,භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය , මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය , එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයකට අඩංගු එතුම් සංඛ්‍යාව භාෂා තුනෙන්ම සැකසූ ලේබලයක් ඇතුළත් කළ යුතුය.
මෙම නව නීතිය 2020 වර්ෂයේ ජූනී මස 01 වැනිදා සිට බලපැවැත්වේ.

