ලග්ගලට අතිරේක පොලිස් බළඇණි


ලග්ගල කළුගග  මාරක අනතුරෙන් පසුව ගැමියන් සියය ගණනක් වැලි ප්‍රවාහනයට එරෙහිව  උද්ඝෝෂණ කිරීමත් සමග දඹුල්ල ,නාවුල,විල්ගමුව පොලිසි වලින් අතිරේක බළඇණියක් එහි කැදවු බව ලග්ගල පොලීසිය කියයි.

කළබලය අස්සේ  ලග්ගල පල්ලේගම සංචාරක උසාවිය බලා යන්නට ආ මහෙස්ත්‍රාත්වරයා වාහනය පොලිස් ආරක්ෂාව සහිතව  සංචාරක උසාවියට ගමන් කළේය.

 කළබලය වු තැනින් ඉදිරියට යාමට නොහැකි වු නිසා මහෙස්ත්‍රාත්වරිය ආපසු දඹුල්ලට යාම සැරැසෙද්දී පොලීසිය ඉදිරිපත් වී ආරක්ෂාව සැලසුහ.