ලග්ගල වැසියෝ මන්ත්‍රීත් හරවා යවති


ලග්ගල කළුගග මහපාරේදී  ටිපර් රියක හැපී  මවක හා පුතකු  මිය යාමේ සිද්ධියෙන් පසු  ප්‍රදේශවාසීහු  හෙට්ටිපොල හඳුන්ගමුව ප්‍රධාන මාර්ගය කළුගග දී අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

මාතලේ  ප්‍රධාන ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා (එජනිස)මහතා  එම ස්ථානයට ගොස් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් ප්‍රදේශවාසිහු ඔහුටද විරෝධය පළ කළහ.එතැනින් පිටවී යන ලෙස ඔවුහු මන්ත්‍රීවරයාට පැවසුහ. මන්ත්‍රී අනතුරුව පිටත්වී ගියේය.

ගල් මුල් වලින් පහර දීමෙන් වැලි  පටවාගත් ටිපර් රථ 12 කට පමණ අලාභහානී වී ඇතැයි  පොලීසිය කියයි.

එම මාර්ගයේ වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇති අතර  ප්‍රදේශවාසින් සන්සුන් කිරීම සදහා පොලීසිය වෙහෙසේ. මෙම තත්ත්වය නිසා  ප්‍රදේශයේ   අතුරුමාර්ගද වසා දමා තිබේ.