ලග්ගල තක්කාලි කුඹුරේම කුණුවේ


ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක්  විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැටී ඇත. මෙවර මහ කන්නයේ මෙම ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක පමණ තක්කාලි වගා කැරිණි. වියදම් වූ මුදලවත් උපයා ගැනීමට නොහැකිව ගොවීහු දැඩි අසීරු තත්තයට පත්ව සිටිති.