ලග්ගල උද්ඝෝෂණය අවසන් වේ


ලග්ගල කළුගග මව හා පුතා  ටිපර් අනතුරකින්  මිය යාමෙන් පසු පැය අටක් තිස්සසේ  පැවති උද්ඝෝෂණය මින් මද වේලාවකට  පෙර අවසන් විය.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදිවත්ත මහතා පැමිණ ගැමියන්ගේ ඉල්ලීම්වලට කඩිනම් විසදුම් ලබා දෙන බව පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.