ලක්‍ෂයක කුලියට අම්මයි දුවයි මරලා


කහවත්ත කොටකෙතනදී මාස දෙකහමාරකට පෙර මව හා දියණිය මරාදැමූ බව කියන සිවුදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මැණික් ගරන්නකු, පොල් කඩන්නකු ත‍්‍රීරෝද පින්තාරුකරුවකු හා කම්කරුවෙකු එම සිවු දෙනා බවත් එසේ කැර ඇත්තේ කොටකෙතනේ මීට පෙර සිදුවූ ඝාතන කල්ලියට අමතරව තවත් පිරිසක් සිටින බවට පොලිසිය නොමඟ යැවීමට බවත් කියති.