ලක්ෂ්මනුත් එපා : පුතත් එපා


හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන  නව රජයට එක් කර නොගන්නැයි කියමින්  එජාප හා ශ්‍රීලනිපයේ පාක්ෂිකයෝ පිරිසක්  තිහගොඩ නගරයේ අද (18) උද්ඝෝෂණයක් ඇරැඹුහ.

එජාප පාක්ෂිකයෙක් වහලකටද නැඟ  ඊට සහාය දෙයි.

අපේ ජනාධිපතිවරයෙක්  දැන්  සිටින බවට  හිටපු ඇමැති කළ ප්‍රකාශයත් සමඟ  ඔහු රජයට  සහාය දක්වන බව පෙනේ යැයි උද්ඝෝෂකයෝ කියති.

 ඌරු බොක්ක හා මාකඳුරේ  ද ඊට පෙර මෙවැනි උද්ඝෝෂණ සංවිධාන කැර තිබිණි.