රුපියල් ලක්ෂ තිහක් වටිනා රන් කැබලි තුනක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් විසි පන්දහසක දඩ නියම කළ රේගුව එම රන්කැබිලි තුන රාජසන්තක කළේය.
සැකකරු පනස් හැවිරිදි වියේ පසුවන මීගමුව ප‍්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු බවත් ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රැම් හයසීයකි.
ඔහු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 141 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතාට සැකකරුගේ ගමන් විලාශය පිලිබඳ ඇතිවූ සැකයක් මත අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතා විසින් සිදු කළ අතර විමර්ශන කටයුතු රේගු අදිකාරී මලික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එච්.ගුරුගේ, එල්.පී.එම්.පී කුමාර, රුච්ර කරුණාතිලක යන නිලදාරීන් විසින් සිදු කළහ.