ලක්ෂ අසූවක වෛරෝඩි,පද්මරාග පස්සෙන් එළියට


රුපියල් ලක්ෂ අසූවක්  පමණ වටිනා මැණික් ගල් තොගයක්  තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට  පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු බේරුවල  ප්‍රදේශයේ පදිංචි  56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, ඉන්ද්‍රනීල, වෛරෝඩි, පත්මරාග ඇතුළු මැණික් වර්ග රැසක් . තිබූ බන රේගුව කියයි.

ඔහු උපත් පාලන කොපුවල බහා මෙම මැණික් ගුද මාර්ගයේ සගවාගෙන තිබූ බව රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධිකාරී පී.එච්.යූ.අයි විජේපාල මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබ‍්ද වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු නිලදාරීහු සිදු කරති.