ලක්ෂ 88 ක රන් භාණ්ඩ චෙන්නායි ගුවන්තොටේදී අල්ලයි
රුපියල් ලක්ෂ 88 ක් වටිනා රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු චෙන්නායි ගුවන්තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව චෙන්නායි පොලීසිය පවසයි. කටුනායක ගුවන්තොටුපොළෙන් සිකුරාදා ඉන්දියාවට ගිය මේ තිදෙනාගේ ඇඳුම් වල සූක්ෂම ලෙස සඟවා තිබූ බව ද පොලීසිය පවසයි.

