(ටී.කේ.ජී.කපිල)
කුවේට් සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද (24) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු නිට්ටඹුව , වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා කොළඹ , කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තෙකි.
මීට අමතරව ඩුබායි සිට පැමිණි ගුවන් යානයක වූ මගීන් දෙදෙනෙකු ද නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් තිබුණි.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු රත්නපුර, පිටවාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන අතර අනෙක් පුද්ගලයා කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
මොවුන් සියලු දෙනා තම ගමන් මලුවල රුපියල් 4,908,000 වටිනා දුම්වැටි 81,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 409 ක් නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.ඩී.කේ.සෙනෙවිරත්න මහතා විසින් පැවැත්වූ අතර එහි මෙසේ නීතිවිරෝධීව රැගෙන විත් තිබූ දුම්වැටි සියල්ල රාජසන්තක කර, ගුවන් මගීන් සිව්දෙනාට රුපියල් 115,000 ක දඩයක් ගෙවන ලෙසද නියෝග කළේය.


