ලක්ෂ 35ක මැණික් - දුම්වැටි සමඟ චීන කතුන් දෙදෙනෙක් අත්ඩංගුවට


(ප්‍රසාද් මුතුකඩ)  
 
චීනයේ කූමි යෑන්ග්  සිට  නීති විරෝධිව රැගෙන  එනු  ලැබු රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා මැණික්,ස්වර්ණාභරණ ඇතුළු විදේශීය දුම්වැටි තොගයක්  සමඟ චීන ජාතික කාන්තාවෝ ‍දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට  ගනු ලැබුහ.

අත්අඩංගුවට පත් චීන  කාන්තාවෝ  28 සහ 35 වියෙහි පසුවන්නන් වෙති. රේගුවට ලද තොරතුරු මත වැටලීම සිදු කළ බව නියෝජ්‍ය  රේගු අධක්ෂක පරාක්‍රම බස්නායක පවසයි.