ලක්ෂ 25 ක දුම්කොළ සමඟ තරුණයෙක් අත්අඩංගුවට


(ටී.කේ .ජී.කපිල )

මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන විශේෂ දුම්කොළ පැකට් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගෙන ආ තරුණයකු (26) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙවැනි දුම්කොළ පැකට් 1600 ක් තමන් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන තිබී රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.  මේවායේ  වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් බව රේගුව පවසයි .