රුපියල් විසි දෙලක්ෂ හැටදහසක් වටිනා රන් කැබලි හතරක් ගමන් මල්ලක සගවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අද අළුයම අත්අඩංගුවට ගෙන රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් 452 කි. සැකකරු මෙම රන් කැබලි තම ගමන් මල්ලේ යටි පතුලේ සගවා තිබූ බව රේගුව කියයි.
ඔහු ඊයේ අළුයම දෙකයි තිහට පමණ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබ‍්ද රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම රන් කැබලි රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී පරාක‍්‍රම ජිනදාස, සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ඞී.පී පෙරේරා, තුසිත අධිකාරම්, කසුන් ගමගේ, නිෂාද් රණසිංහ, අසංග පෙරේරා, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කරති.