ලක්ෂ 20ක රන් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් සැකපිට


ටී.කේ.ජී.කපිල

රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත්   බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය .

රත්තරන් උණු කර ඒවා කුඩා පතුරු ලෙස සකසා කලිසම්   සාක්කුවල සඟවා ගෙන  සිටිය දී සොයා ගත් බව ද රේගු මාධය ප්‍රකාශක පවසයි.