බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 5898428ක් අතුරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 3921612 දෙනෙකි. 1976810ක් ඡන්දය භාවිත කර නැත.
භාවිත කළ හාර ලක්ෂයකට ආසන්න ඡන්ප්‍රමාණයෙන් 161011ක් ප්‍රතික්ෂේප විය. පළාත් දෙකේ වලංගු මුළු ඡන්ද ප්‍රමාණය 26760601 කි.
පසුගිය බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට අනුව සන්ධානයට ඡන්ද 247103ක් අහිමිවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 4700ක් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 136477ක් වැඩිහෙයන් හිමි කර ගෙන ඇත.
2009 පළාත් සභා මැතිවරණට වඩා ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 17ක් අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන 02ක් අඩු වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මන්ත්‍රී ආසන පහක් වැඩි කර ගෙන ඇත.
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර පළමුවරට තරඟ කර පළාත් දෙකෙන්ම ඡන්ද 279299ක් ලබාගෙන මන්ත්‍රී ආසන 12ක් හිමි කර ගත්තේය.

