(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත ස්වර්ණාභරණ ,දුම්වැටි සහ මත්පැන් තොගයක් නීතිවිරෝධීව සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි පුද්ගලයකු අද (11) කටුනායක ගුවන් තොටුපොළ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
ඔහු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරිමේ දී ග්‍රෑම් 150 ක් බර ස්වර්ණාභරණ තොගයක් , විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 18 ක් සහ විදේශීය මත්පැන් බෝතල 6 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
එවායේ වටිනාකම රුපියල් 957,450 /= ක් බව රේගුව පවසයි. භාණ්ඩ තොගය රාජසන්තක කළ අතර ඔහුට රුපියල් 100,000/= දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය .

