ලක් සේවිකාව හය මායසයක් හිරේ
ඩුබායි ගුරු ගෙදරක වසර 12ක් ගෘහසේවිකාවක වූ ශ්‍රී ලාංකික කතක රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් වටිනා රන් අබරණ හා වෙනත් බඩා භාණ්ඩ සොරකම් කිරීමේ වරදට ඩුබායි අධිකරණය හය මාසයක සිර දඩුවමක් නියම කළේය. තිස් හතර හැවිරිදි මේ කත සිර දඩුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.
42 හැවිරිදි ගුරුවරයා සාක්කි දෙමින් පැවසුවේ මාසයකට ඩිරාම් 4000ක් හෙවත් රුපියල් 144000ක් වැටුප් ගත් ඇය වසර 12 නිවසේ සේවය කළ බවයි.
ගුරුවරයා පැවසුවේ තම අසල්වැසියාගේ නිවසේ මෙහෙකාරිය ඇය හමුවීමට පැමිණ ගෙදරට ඉඩු මුට්ටු වගයක් යැවීමට උදව් කරන ලෙසයි.
‘ඇය බෑගයකට මොනවාදෝ දැම්මා. මට සැකයක් ඇති වුණා. මගේ හා මගේ දරුවන්ගේ රෙදිපිළිත් එහි තිබුණා. මගේ දරුවන්ගේ කාමරයේ රන්බාණ්ඩ පෙට්ටියේ යතුරත් එහි තිබුණා. රන් බාන්ඩ සොරකම් කළ බව පිළිගත්තා. ඩිරාම් 2500ක් (රුපියල් 90000ක්) වටිනා අත්පළඳනාවක් ආපසු භාර දුන්නා. ‘ යැයි ගුරුවරයා සිය සාක්කියේදී සඳහන් කළේය.

