ලක් රියැදුරා විහින් අමාරුවේ
සෞදි කතක ඩුබායි ගුවන් තොටින් බර්ෂාහි පිහිටි ඇගේ නිවෙසට රැගෙන ගිය ලංකා කුලී රියැදුරකු ඇය බසිත්ම ඇගේ ගමන් මල්ලද රැගෙන අතුරුදන් වූවත් ඩුබායි පොලිසිය ඔහු අත්තඩංගුවට ගත්තේය. ඒ වන විටත් එහි වූ ලැප්ටොප් පරිගණකය හා අන්තර්ජාල පහසුකම් ඇති අයිපෑඩය ලංකාවට එවා තිබිණි. ඩුබායි ගුවන් තොටින් පිටත් වන සියලූම කුලී රිය සොයා ගැනීමට හැකි බව ලංකා රියැදුරා නොදැන සිටින්නට ඇතැයි පොලිසිය කියයි.
එම රටේ අල්ඔසුම් ප්‍රවෘත්ති පැවසූයේ රියැදුරා උසාවියට ඉදිරිපත්කැර ඇති බවයි.

