කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සේවකයෙක් සිය පිලිපීන පෙම්වතියට පහර දුන්නේය.
ඉරාන ජාතිකයකු සමග සබඳතාවක් ඇති කර ගැනීම ඊට හේතුව බව අල් සේසා පුවත්පත කියයි.
සිය පෙම්වතිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු පෙම්වතිය සිටි නිවසට ගිය ඔහු එහි සිටි ඉරාන ජාතිකයා දැකීමෙන් පසු පෙම්වතියටත් ඇගේ අලුත් පෙම්වතාටත් පහර දී ඇතැයි ද පොලිසිය පමිණෙන විට ශ්‍රී ලාංකිකයා පැන ගොස් ඇතැයි ද පිලිපීන කතට අතුරු වෛද්‍ය සේවකයන් ප්‍රතිකාර කර ඇතැයි ද කියති.
ශ්‍රී ලාංකිකයා සමග තිබූ සබඳතාවය දින 20කට පමණ පෙර අවසන් කළැයි ද පිලිපීන කත කියා ඇත.