ලක් දියණියක රටේ නම තියයි


එංගලන්තයේ ෂෙෆීල්ඞ් හලාම් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය විද්‍යාව හා සුවතාවය පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් විශේෂඥ වෛද්‍ය නීලමනී සන්ධ්‍යා රාජපක්‍ෂ හේවාගීගන වෛද්‍ය පරිපාලනය පිළිබඳ එවැනි උපාධියක් හිමි කැරගත් ප‍්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍යවරයාය. ශ්‍රී ලංකාවේ යෞවන හා යෞවනියන්ගේ ලිංගිකත්වය, යෞවන ගැටලූ සහ අඩු වයස් ගැබ්ගැනීම් පිළිබඳව වසර පහක් තිස්සේ කළ පර්යේෂණය ඇයගේ නිබන්ධනය විය. ඇය මේ සඳහා අවුරුදු 19ට අඩු වයසින් ගැබ්ගත් යෞවනියන් 450 දෙනකු හා යෞවනයින් 150 දෙනකු සහ එම වයසේ සාමාන්‍ය පාසල් ළමයින් 2020 දෙනකු සමග වසර පහක් තිස්සේ ඔවුන්ගේ ගැටලූ පර්යේෂණාත්මකව සාකච්ඡුාවකට ලක් කළාය. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්‍ෂිකාවයි.