ලක් දරු රැඟුම් ඔරිගන් වේදිකාවේ


ඇමෙරිකා ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ ඉරුදින දහම් පාසලේ සිසු සිසුවියන්ගේ කලා උළෙල විහාරාධිපති හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක  පල්ලේබාගේ චන්ද්‍රසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.  ගායන, වාදන රංගන හා කථික අංශවලින් මෙම කලා උළෙල සමන්විත විය. දහම් පසල් ගරුවරු ද ඔරිගන් හි ශ්‍රී ලාංකිකයෝ ද  ඊට එක් වූහ.  මෙම දරුවෝ සිංහල භාෂාව මනා ලෙස හසුරුවමින් බෞද්ධ ආගම සහ සිංහල සංස්කෘතිය පිළිබඳව තමන්තුළ ඇති දැනුම හා ලබැඳියාව මනාලෙස  ප්‍රදර්ශනය කළහ.