ලක් චන්ද්‍රිකාව හෙට අභ්‍යාවකාශයට ?
ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අඟහරුවාදා අභ්‍යාවකාශ ගතකිරීමට සියල්ල සූදානම් බව සුප්‍රිමි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා අභ්‍යාවකාශ ගතකිරීමට නියමිතව තිබුන ද චීනයේ අයහපත් කාලගුණය සහ තාක්ෂණික පිරික්සුම් හේතුවෙන් දින පහකට එය කල් දැමිණි. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරන වේලාව ගැන තවමත් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවයි.

